පින්තූර ගැලරිය

වර්ෂ 2010.06.23 දින සිට 2019.01.22 දින දක්වා වසර නවයකට ආසන්න කාලයක් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) වරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු එල්.ඒ.තිස්ස ඒකනායක මැතිතුමා 2019.01.23 දින සේවයෙන් විශ්‍රාම ගැනීමේ අවස්ථාව

නව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා 2019.01.29 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව

මතින් නිදහස් රටක් වෙනුවෙන් 2019.04.03 වන දින පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමා (ඔම්බුඩ්ස්මන්) ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් “බක්මහ දිවුරුම” දිවුරුම් දුන් අවස්ථාව

නවසීලන්ත මහකොමසාරිස්තුමිය හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමා (ඔම්බුඩ්ස්මන්) අතර 2019/08/07 වන දින පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේදී පැවති හමුව

ඔම්බුඩ්ස්මන්වරයා විසින් නවසීලන්තයේ ඔම්බුඩ්ස්මන් කාර්යාලය වෙත සිදු කල සංචාරයේදී නවසීලන්ත ප්‍රධාන ඔම්බුඩ්ස්මන් පීටර් බොෂියර් මහතා සහ නවසීලන්තයේ ගරු කොන්සියුලර්වරයා වන අරුණ අබේගුණසේකර මහතා හමු වූ අවස්ථාව