ඔම්බුඩ්ස්මන් පිළිබඳව
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) වරයාගේ කාර්යභාරය හා ඒ මගින් සහන ලබාගන්නා ආකාරය
කාර්යභාරය
රජයේ නිලධරයකු විසින් හෝ රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන ආයතනයක හෝ වෙනත් සමාන ආයතනයක නිලධරයකු විසින් ගනුලබන පරිපාලන තීරණ හේතුවෙන්, යම් තැනැත්තෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් හෝ වෙනත් අයුක්තියක් සිදුවන අවස්ථාවලදී එය මගහරවා ගැනීම සඳහා වන සහන ලබාගත හැකි ප්‍රධාන ආයතනයක් ලෙසට පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යාලය සැලකිය හැකිය.
පත්කිරීම
ඔම්බුඩ්ස්මන් තනතුර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 ව්‍යවස්ථාව සමඟ කියැවෙන දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 45 ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාපිත තනතුරකි. තවද, දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 (ඇ) ව්‍යවස්ථාවට අනුකූලව අතිගරු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබ, “ව්‍යවස්ථාදායක සභාව” විසින් අනුමත කිරීමෙන් පසු, අතිගරු ජනාධිපතිවරයා විසින් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත් කරනු ලබයි. ඔහු තනතුරින් ඉවත් කළ හැක්කේ, පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කොට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පමණකි.
බලතල හා ක්‍රියාකාරකම්
1994 අංක 26 දරන පනතින් සංශෝධිත, 1981 අංක 17 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) පනතින් පවරා ඇති බලතල අනුව, රජයේ නිලධාරියෙකු, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙකු, රාජ්‍ය සංස්ථා සහ ඊට සමාන වෙනත් ආයතනයක නිලධාරියෙකු විසින් යම් අයෙකුගේ මූලික අයිතිවාසිකම් හෝ ඒහා සමාන වෙනත් අයුක්තියක් කඩ කරනු ලැබ ඇති බව හෝ එවැන්නක් දැනට සිදුවෙමින් පවතින බව හෝ සිදුවීමට ආසන්නව පවතින අවස්ථාවක, ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි පරීක්ෂා කොට ඒ සම්බන්ධයෙන් සාධාරණ නිශ්චයකට එළඹී, සහනදායී නිර්දේශ ඉදිරිපත් කිරීම ඔම්බුඩ්ස්මන් වරයාගේ ප්‍රධාන කාර්යභාරයයි.
ඉහත ඡේදයෙහි සඳහන් කර ඇති නිලධාරීන් පහත සඳහන් රජයේ ආයතන ව්‍යුහය තුල අන්තර්ගත වේ.
ආයතන ව්‍යුහය

පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි අවස්ථා
- රැකියා සහ හෝ නිවාස ලබාදෙන ලෙස කරනු ලබන ඉල්ලීම් ( පනතේ 10 (2) වගන්තිය)
- මහජන ආරක්ෂාවට අදාල හා මහජන ආරක්ෂක ආඥා පනතේ සඳහන් කරුණු වලට අදාල වන පැමිණිලි (පනතේ 11 (ආ) (i) වගන්තිය)
- මහජන සාමය පවත්වාගෙන යාම භාර සන්නද්ධ හමුදාවල, පොලිස් හමුදාවේ හෝ වෙනත් හමුදාවල සාමාජිකයකුව සිටින හෝ සිටි, යම් තැනැත්තකුට අදාල සේවා නියමයන් හා කොන්දේසි සම්බන්ධයෙන් යොමු කරනු ලබන පැමිණිලි (පනතේ 11 (ආ) (iii) වගන්තිය)
- කිසියම් ඉල්ලීමකට අදාලව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹී ඇති හෝ ඒ පිළිබඳව අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථා (පනතේ 11 (ආ) (iv) වගන්තිය)
- රජයේ නිලධරයන්ගේ පත්කිරීම්, මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම්, විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන පැමිණිලි ( පනතේ 11 (ආ) v වගන්තිය)
- විගණකාධිපතිවරයා විසින් පවත්වනු ලැබූ හෝ පවත්වනු ලබන විගණන කටයුතු වලට සම්බන්ධ පැමිණිලි (පනතේ 11 (ආ) ((vi) වගන්තිය)
- අනවශ්‍ය ලෙස ප්‍රමාදවිමකින් පසුව ඉදිරිපත් කරනු ලබන පැමිණිලි( පනතේ 13 (10 (ඇ)
- රාජ්‍ය ප්‍රතිපත්තින් සම්බන්ධව උද්ගතවන ගැටළු හෝ අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් වන ඉල්ලීම.
- මැතිවරණ කොමසාරිස්වරයාගේ මැතිවරණ කටයුතු වලට අදාළ සිදුවීම්
- පුද්ගලික සමාගම් ඇතුළු පෞද්ගලික පාර්ශවකරුවන් අතර ඇතිවන ආරවුල් වලට අදාළ කටයුතු
- නිර්නාමිකව හෝ අත්සන නොමැතිව ලැබෙන පැමිණිලි
