වර්ෂ 2010.06.23 දින සිට 2019.01.22 දින දක්වා වසර නවයකට ආසන්න කාලයක් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) වරයා වශයෙන් කටයුතු කළ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු එල්.ඒ.තිස්ස ඒකනායක මැතිතුමා 2019.01.23 දින සේවයෙන් විශ්‍රාම ගැනීමේ අවස්ථාව
නව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා 2019.01.29 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව
මතින් නිදහස් රටක් වෙනුවෙන් 2019.04.03 වන දින පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමා (ඔම්බුඩ්ස්මන්) ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් “බක්මහ දිවුරුම” දිවුරුම් දුන් අවස්ථාව
නවසීලන්ත මහකොමසාරිස්තුමා හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමා (ඔම්බුඩ්ස්මන්) අතර 2021/10/15 වන දින පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේදී පැවති හමුව
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මහතා විසින් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය වෙත ලැප්ටොප් පරිගණක 8ක් සහ මුද්‍රණ යන්ත්‍ර 4ක් ප්‍රදානය කිරීමේ නිල උත්සවය 2022 පෙබරවාරි 9 වැනි දින, ඔම්බුඩ්ස්මන් කාර්යාලය, අංක:14, ආර්.ඒ.ද මෙල් මාවත, කොළඹ 04, ශ්‍රී ලංකාව හිදී පැවැත්විණි.
2023 ජාත්‍යන්තර ඔම්බුඩ්ස්මන් සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය සහ තුර්කි ඔම්බුඩ්ස්මන් ආයතනය අතර 2023 ජනවාරි 11 දින ඇන්කාරා හිදී අවබෝධතා ගිවිසුමකට (MoU) එළැඹ ඇත.
ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන් ආයතනය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද්දේ තුර්කි පාර්ලිමේන්තුවේ කථානායක, Mustafa Şentop මහතා හා තුර්කි ශ්‍රී ලංකා තානාපතිනි, හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය ඉදිරියේය. ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමා (ඔම්බුඩ්ස්මන්), K. T. චිත්‍රසිරි මහතා සහ තුර්කි ඔම්බුඩ්ස්මන් ආයතනයේ ප්‍රධාන ඔම්බුඩ්ස්මන්තුමා වන Şeref Malkoç මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
