ඉතිහාසය හා අතීත ඔම්බුඩ්ස්මන්වරුන්
ආරම්භය හා විකාශනය
1981 වර්ෂයේදී අංක:222, ගාලු පාර, කොළඹ 04 ලිපිනයේ කාර්යාලය පිහිටුවා ඇත. 1989 දී 1981 අංක 17 පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතට සංශෝධන එකතු වී ඇත. ඒ අනුව 1991 අංක 16 දරණ පනත් මගින් යම් වගන්ති සංශෝධනය කර ඇත. 1989 වර්ෂය වනවිට 594/3, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ කාර්යාලය ස්ථාපිත ව තිබී ඇත. මුල්ම පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් තනතුර විශ්‍රාම වැටුප් තත්ත්වයේ තනතුරක් බවට පත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව 1991.08.02 දින එස්.එස්.විජේසිංහ මහතා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 24 වැනි වගන්තිය විධිවිධාන යටතේ විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට ගැසට් කර ඇත.

පළමු ඔම්බුඩ්ස්මන්වරයා – 1981.09.07 – 1991.07.31
සැම්සන් සේන විජේසිංහ මහතා
1948 – 1963 – රජයේ අධිනීතීඥවරයෙකු වශයෙන්ද,
1964.10.27 සිට 1972.05.22 – නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් වශයෙන් සහ පසුව
1972.05.23 සිට 1978.09.07 – ජාතික රාජ්‍ය සභාවේ, ලේකම් ධූරයට ද පත්ව
1978.09.08 සිට 1981.08.07 දක්වා සේවය කර පාර්ලිමේන්තු මහලේකම් වශයෙන් විශ්‍රාම ලැබූ මෙතුමා
ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපිත කිරීමේදී පුරෝගාමීව කටයුතු කළ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකි.
පසුව එහි උන්නතිය උදෙසා ද අමිල මෙහෙවරක් කරනු ලැබීය.

දෙවන ඔම්බුඩ්ස්මන්වරයා – 1991.08.01 – 1993.08.20
එල්.එච්.අල්විස් මහතා (ලූෂන් හෙක්ටර් ද අල්විස්)
(හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු)

තුන්වන ඔම්බුඩ්ස්මන්වරයා – 1993.08.21 – 1994.11.30
ඩී.එච්.ජේ.අබේගුණසේකර මහතා (දොන් හැරී ජස්ටින් අබේගුණසේකර)
(ශ්‍රී ලංකා පරිපාලන සේවය)

හතරවන ඔම්බුඩ්ස්මන්වරයා – 1995.01.23 – 2000.08.25
මහාචාර්ය බී.ඊ.එස්.ජේ.බස්තියම්පිල්ලෙයි මහතා
(බර්ට්‍රම් එමිල් සේන්ට් ජින් බස්තියම්පිල්ලෙයි)
ඉතිහාසය හා දේශපාලන විද්‍යා පීඨය-කොළඹ විශ්ව විද්‍යාලය

පස්වන ඔම්බුඩ්ස්මන්වරයා – 2001.06.01 – 2010.02.06
ආචාර්ය ආර්.බී.රණරාජ මහතා (රංජිත් බණ්ඩාර රණරාජ)
(හිටපු අභියාචනාධිකරණ විනිසුරු)

සයවන ඔම්බුඩ්ස්මන්වරයා – 2010.06.23 – 2019.01.22
එල්.ඒ.තිස්ස ඒකනායක මහතා
(ලංකානාථ අෂන්ක තිස්ස ඒකනායක)
(විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු)

හත්වන ඔම්බුඩ්ස්මන්වරයා – 2019.01.30 -2023.03.31
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි
